මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අකුරැස්ස, විල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි කොඩිප්පිලිගේ ධර්මසේන නමැති 54 හැවිරිදි හෙද නිලධාරියෙකි.
මරණකරු ඊයේ (15) සවස තම ත්‍රිරෝද රථයෙන් අකුරැස්ස සිට කඹුරුපිටිය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත.
මාර්ග අයිනේ තිබූ විශාල මිල්ල ගසක අත්තක් සෘජුවම රථය මතට කඩා වැටීමෙන් ඔහු බරපතල තුවාල ලබා ඇති අතර, වහාම කඹුරුපිටිය රෝහලට ඇතුළත් කළද ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මරණ පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.