Breaking

Post Top Ad

Friday, April 17, 2026

අවුරුදු සාදයකට ගොස් එද්දී කැබ් රථයට යටවී මරුට

අක්මීමන ප්‍රදේශයේ ඥාති නිවසක පැවති අලුත් අවුරුදු උත්සවයකට සහභාගී වී ආපසු ගමන් කරමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් යටවීමෙන් පුද්ගලයෙකු ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව අක්මීමන පොලිසිය සඳහන් කරයි.


මෙලෙස මියගොස් ඇත්තේ පෝද්දල, නරාවල, කාසල් හිල්වත්ත ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි තලහිටිය විතානගේ මාලසිංහ නමැති පුද්ගලයෙකි.


සාදය අවසන් කර ආපසු යමින් සිටියදී, අක්මීමන මගදෙණිය ග්‍රාම නිලධාරී කාර්යාලය අසලදී කැබ් රථය නවතා එය පිටුපසට ගෙන තිබේ. එම අවස්ථාවේ රථයෙන් බිමට බැස සිටි මාලසිංහ මහතා කැබ් රථයට යටවී බරපතල තුවාල ලබා ඇත.


තුවාල ලැබූ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, කැබ් රථයේ රියදුරු සහ එහි අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබේ.


සැකකරුවන් අද (16) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Post Top Ad

Pages