වෙළඳසලකින් භාණ්ඩ සොරකම් කළ බවට චෝදනා ලැබූ කාන්තාවකගේ හිස කෙස් කතුරකින් කපා දමන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමෙන් පැය 24ක් ඇතුළත, එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය සමඟ තවත් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත්වූවන් අතර, තෑගි භාණ්ඩ අලෙවි කරන වෙළඳසලක හිමිකාරිනිය සහ එහි සේවකයන් පිරිසක්ද ඇතුළත් වේ.
වීඩියෝව නරඹන්න 👇👇👇
අදාළ කාන්තාව වෙළඳසලේ භාණ්ඩ සොරකම් කළ බව පවසමින්, ඉකුත් 7 වනදා ඇය රාගම පොලිසියට භාර දී තිබුණි. එහෙත්, ඇයගේ හිස කෙස් කපා දැමීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී පොලිසියට කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබූ බව වාර්තා වේ.
පසුව, එම කාන්තාවගේ හිස කෙස් කපන අයුරු දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වීමත් සමඟ, කැලණිය කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ උපදෙස් මත වහාම විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ රාගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු පැය 24ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.