Breaking

Post Top Ad

Saturday, April 18, 2026

සැමියා නිදි යහනේදි තියුණු ආයුධයකින් ඇන බිරිද ඝාතනය කරයි

 

වටවල පොලිස් වසමට අයත් වැලිඔය යූ.ඩී.කේ. කොටසේ පදිංචි 27 හැවිරිදි එක් දරු මවක්, අද (17) දින සිය සැමියා විසින් නිදි යහනේදී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇති බව වටවල පොලිසිය සඳහන් කරයි.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වටවල වැලිඔය වත්තේ යූ.ඩී.කේ. කොටසේ, සිය මවගේ නිවසේ පදිංචිව සිටි ශන්මුගනාදන් තිලකරාණි නම් එක් දරු මවකි.


ඇය විදේශගතව සිට මාස තුනකට පමණ පෙර, ගලහා පුපුරැස්ස ප්‍රදේශයේ පිහිටි සිය සැමියාගේ නිවසට පැමිණ තිබේ.


කෙසේ වෙතත්, සති දෙකකට පමණ පෙර ඇය සිය දරුවා සමඟ වැලිඔය වත්තට පැමිණ ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් උරණ වූ සැමියා (16) දින එම වත්තට පැමිණ සිද්ධිය පිළිබඳ තොරතුරු සොයා බැලූ බව වාර්තා වේ. එහිදී, ඇය එම වත්තේ තරුණයෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇති බවද සඳහන් වේ.

Post Top Ad

Pages