බලංගොඩ සිට බගවන්තලාව හරහා මහනුවර බලා ගමන් කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300කට ආසන්න ප්‍රපාතයකින් කෙසෙල්ගමු ඔය අසළට පෙරළීමෙන් එහි ගමන් කළ පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති අතර, කාන්තාවන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා (17) දින දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර හැටන්–බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ටින්සින් කම්බිපනස්එක ප්‍රදේශයේ උදෑසන සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් සිව්දෙනෙකු ගමන් කර තිබූ අතර, රියදුරා ආසන පටිය ගලවාගෙන වාහනයෙන් පිටතට පැමිණ අනතුර පිළිබඳව බගවන්තලාව පොලීසියට දැනුම් දී ඇත.
අනතුරෙන් මියගිය පුද්ගලයා සහ තුවාල ලැබූ අනෙක් තිදෙනා මෝටර් රථය තුළ සිරවී සිටි බවත්, පසුව අවට වතු කම්කරුවන් සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි උත්සාහයෙන් මළ සිරුර හා තුවාලකරුවන් පිටතට ගෙන ඇති බවත් වාර්තා වේ.