ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුර ඊයේ (22) රාත්‍රියේ ඇඹිලිපිටිය, මහවැලි නිළ නිවාස ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ගස කඩා වැටීමෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලට රැගෙන යන අවස්ථාවේදීම පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකාරිය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
මරණකරු වයස අවුරුදු 45ක් වූ පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.