මහව බලගොල්ලාගම ප්‍රදේශයේදී දැදුරු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වූ පුද්ගලයෙකි.
ඔහු විදෙස්ගත වීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත ගමන් කරමින් සිටියදී අතරමග දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී දියේ ගිලී මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.