මෑතකදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස අසල පිහිටි ළිඳකින්, අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මෑතකදී වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ නිවස අසල පිහිටි ළිඳකින්, අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසියට ලැබුණු විශේෂ තොරතුරකට අනුව, අඩි 35කට ආසන්න ගැඹුරක් ඇති මෙම ළිඳ තුළ තිබී මළ සිරුර හමුවී ඇති අතර, එය ඊයේ (20) මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණය යටතේ ගොඩගැනීමට කටයුතු කර ඇත. මියගිය පුද්ගලයා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි ‘සංඛ’ නම් වයස අවුරුදු 28ක තරුණයෙකු ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.
මෙම අභිරහස් මරණය සම්බන්ධයෙන්, මියගිය තරුණයාගේ සමීප මිතුරෙකු බව කියන පුද්ගලයෙකු මිදිගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වාර්තා අනුව, මරණකරු මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව සිටි අයෙකු වන අතර, ඔහු කිසියම් අපරාධයකට සම්බන්ධව පොලීසියට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකුද යන්න සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වේ.
මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මාතර මහ රෝහල වෙත රැගෙන යාමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට උපදෙස් ලබාදී ඇත. මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක්ද, නැතිනම් අනතුරක්ද යන්න පැහැදිලි කරගැනීම සඳහා මිදිගම පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්ට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කළ බවට එල්ල වූ චෝදනා මත පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන්ව මධ්‍යම අපරාධ...