Breaking

Post Top Ad

Thursday, April 23, 2026

හීනෙන් කෑගහපු නිසා සාමණේර හිමිට ක්‍රිකට් පිත්තකින් පහරදී ඇඳක බැඳලා

 

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වාසය කළ හත් හැවිරිදි කුඩා සාමණේර හිමිනමකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, එම පිරිවෙනේම අධ්‍යාපනය ලබන තිස් හැවිරිදි හිමිනමක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් පසුගිය 20 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, රාත්‍රීයේ නිදාගෙන සිටියදී බියකරු සිහිනයක් දැක කෑගසා ඇති කුඩා හිමිනමට එය පදනම් කරගෙන මෙම වධහිංසාව සිදුකර ඇති බවයි.


තවද, සැකකාර හිමිනම විසින් ක්‍රිකට් පිත්තක් සහ කෝටුවක් යොදාගෙන කුඩා හිමිනමට දැඩි ලෙස පහරදී ඇති අතර, එමගින් නොනවතී උන්වහන්සේගේ පාද දෙකෙන් අල්ලා යකඩ ඇඳක ගසා ඇති බවද වාර්තා වේ. එමෙන්ම, පසුව වතුර බාල්දියක් ගෙනැවිත් උන්වහන්සේ නහවා, තෙත බරිත වූ අඳනකඩය පිටින්ම පසුදින පහන් වන තුරු සීතලේ නිදාගැනීමට බලකර ඇති බවද පොලිසිය සඳහන් කරයි. එම හේතුවෙන් කුඩා හිමිනමට මුළු රාත්‍රිය පුරාම නින්ද නොලැබී ඇති බවද අනාවරණය වී ඇත.


මෙම පහරදීම සහ කෲර වධහිංසාව හේතුවෙන් කුඩා සාමණේර හිමිනමගේ එක් අතකට බරපතළ හානි සිදුව ඇති අතර, ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබාදෙමින් පවතී. මේ අතර, මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන විසිහය හැවිරිදි අනෙක් හිමිනම සිද්ධියෙන් අනතුරුව මිහින්තලය ප්‍රදේශයට පලාගොස් සැඟව සිට ඇති අතර, පසුව ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ මිහින්තලය පොලිසිය විසින් ඔහුද අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මේ මස 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Post Top Ad

Pages