Breaking

Post Top Ad

Thursday, April 23, 2026

මිරිස් කුඩු මූණට ගසා මාල කඩන හොරණ මාල හොරා අල්ලයි

 හොරණ ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටි කාන්තාවකට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඇය පැළඳ සිටි පවුම් තුනහමාරක් බර රන් මාලය කොල්ලකෑ සිද්ධියක් වාර්තා වේ. එහි ප්‍රධාන සැකකරු ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් අල්ලා පොලිසියට භාර දී ඇති අතර, ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක් වූ පුද්ගලයෙකු බව හෙළි වී තිබේ.


පොලිස් පරීක්ෂණ අනුව, මෙම මංකොල්ලය සිදු කර ඇත්තේ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසිනි. එයින් එක් අයෙකු ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට පත්වී තිබූ අතර, අනෙක් සැකකරු ස්ථානයෙන් පලාගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, ඔහු සහ ඔහුගේ සගයා දිගු කලක සිට මෙවැනි මංකොල්ලකෑම් වෘත්තියක් ලෙස සිදු කරමින් සිටින බවයි. තවද, ඔහු දැඩි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවත්, මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලිස් වාර්තා අනාවරණය කරයි.


කොල්ලකෑමට ලක්වූ රන් මාලයේ කොටසක් පමණක් සැකකරු සතුව තිබී පොලිසිය භාරයට ගෙන ඇති අතර, ඉතිරි කොටස සොයාගැනීම සඳහා හොරණ මූලස්ථාන පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරයි.

Post Top Ad

Pages