Breaking

Post Top Ad

Thursday, April 23, 2026

යතුරු පැදිය දුරකථන කණුවක ගැටී තරුණයා මරුට

 වරකාගොඩ – දීයකඩුව මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වරකාගොඩ පොලිසිය පවසයි.


පොලිසිය සඳහන් කළේ, ඔහු පැදවූ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


මෙලෙස මියගොස් ඇත්තේ දීයකඩුව, නියගොඩවැව පදිංචි, හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ආයතනයක සේවය කළ නිර්මාන් තාරක කුමාර විජේසිංහ (24) නම් තරුණයෙකි.


ඔහු පින්කම් ගෙදරකට සහභාගී වී තම යතුරුපැදියෙන් නිවසට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Top Ad

Pages