Breaking

Post Top Ad

Saturday, April 25, 2026

වාහනයේ අංක තහඩුවේ අයිතිකරුගේ නම සඳහන් කිරීමේ ක්‍රමවේදයක්

 වාහන අංක තහඩුවල ඉංග්‍රීසි අකුරු වෙනුවට තමන්ගේ නම ඇතුළත් කළ හැකි නව ක්‍රමයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සැලසුම් කරමින් සිටී.


මෙම වැඩපිළිවෙල සකස් කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යන බව දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පසුගියදා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්නාය.


ලෝකයේ රටවල් බොහොමයක මෙවැනි ක්‍රමවේද ක්‍රියාත්මක වන බවද එහිදී සඳහන් විය.


එමෙන්ම, ඉදිරියෙන් අංක ලක්ෂයක් සහිත විශේෂ අංක නිකුත් කිරීම මඟින් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 118කට ආසන්න ආදායමක් උපයා ඇති බවද නිලධාරීන් කමිටුවට පැවසූහ.


එවැනි විශේෂ අංකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 10ක ගාස්තුවක් අය කරන බවද ඔවුහු සඳහන් කළහ.


කෙසේ නමුත්, එම ගාස්තුව වසර තුනකට ආසන්න කාලයක් ගැසට් නිවේදනයකින් තොරව අයකර ඇති බව වාර්තා වේ. ඒ අනුව, විශේෂ අංක නිකුත් කිරීම සඳහා මුදල් අයකිරීමේ ක්‍රමවේදයට මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇත.

Post Top Ad

Pages