Breaking

Post Top Ad

Wednesday, April 22, 2026

හෙරොයින් ජාවාරමට එක් වූ තරුණිය අත්අඩංගුවට

 හෙරොයින් ග්‍රෑම් 36ක් සහ රුපියල් 8,75,550ක මුදලක් සමඟ තරුණියක් අගුලාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් තරුණිය රත්මලාන, ශ්‍රී ඥානේන්ද්‍ර මාවත ප්‍රදේශයේ පදිංචිකාරියකි.


ඇය අගුලාන පොදු ජය මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මෑතකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.


පාමුර සංචාරයේ නිරතව සිටි අගුලාන පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පොදු ජය මාවත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස පිරිසක් රැඳී සිටින අයුරු නිරීක්ෂණය වී ඇත.


එම සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී අදාළ තරුණිය හෙරොයින් සහ මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Top Ad

Pages