කලාවැව ප්‍රදේශයේදී සුනඛයන් 10 දෙනෙකු ඝාතනය කළ බවට සැලකෙන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව ඉපලෝගම පොලිසිය පවසයි.
ඒ අනුව, මියගිය සුනඛයන්ගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය සඳහන් කරයි.
මෙම විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂ සුභාෂන සුබවික්‍රම මහතා ඇතුළු කලාවැව ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ ඉපලෝගම පොලිස් ස්ථානයට පැමිණ තිබේ.
එහිදී, මෙම සුනඛ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ඔවුන් පොලිසියෙන් ඉල්ලා සිටි බවද වාර්තා වේ.