ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් හිමි ‘Walk For Peace’ සාම පාගමන අද (22) දඹුල්ලෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම පාගමන ලබන 28වැනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වීමට සංවිධානය කර තිබේ.
අද පෙරවරු 6.30ට දඹුල්ල විහාරයෙන් ආරම්භ වන පාගමන මාතලේ අළුවිහාරයෙන් අවසන් වීමට නියමිතය.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් මහ සංඝ රත්නය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද රැගෙන මෙම පාගමනේ සහභාගී වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය, ‘Clean Sri Lanka’ වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක් මෙම වැඩසටහනට සහයෝගය ලබාදෙයි.