Breaking

Post Top Ad

Wednesday, April 22, 2026

යතුරුපැදිය ලොරි රථයක ගැටී දෙදෙනෙකු මරණයට

 කෝපායි පොලිස් වසමට අයත් යාපනය–පලාලි මාර්ගයේ උරිම්බිරායි හන්දියේදී සිදුවූ මාර්ග අනතුරකින් යතුරුපැදිකරුවෙකු සහ පසුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


අද (22) අළුයම පලාලි දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදියක්, විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.


අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබූ දෙදෙනා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


මියගිය පුද්ගලයින් වයස අවුරුදු 23 සහ 64 ක් වන අතර, ඔවුන් එලාලේයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.


අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Post Top Ad

Pages