Breaking

Post Top Ad

Wednesday, April 22, 2026

ඉන්දීය චිත්‍රපටයක රගපෑමට සූදානම් වූ ලංකාවේ නළුවෙක් වැටී මරුට

 ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ චරිතයක් සඳහා රඟපෑමට සූදානම්ව සිටි පුද්ගලයෙකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නාන කාමරයක් තුළ හදිසියේ වැටී අනතුරුව මියගොස් ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ, කළුදෑවල රත්තොට පාරේ පදිංචි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.


ඉන්දියාවේ ජනප්‍රිය නළු සරවනන් සිවකුමාර් සූරියා සහ ටයිෂා ක්‍රිෂ්ණන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව තිබූ රූගත කිරීමක් සඳහා ඔහු සූදානම්ව සිට ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


නාන කාමරය තුළ වැටී සිටි ඔහු එහි සිටි පිරිස විසින් කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇතුළත් කර ඇති අතර, එවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Post Top Ad

Pages