Breaking

Post Top Ad

Sunday, May 10, 2026

15 හැවිරිදි ළමයෙක් පැදවූ මෝටර් රථයකට යටවූ 86 හැවිරිදි පුද්ගලයා මරුට

මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ අවාසනාවන්ත අනතුරකින් 86 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සිද්ධිය සිකුරාදා රාත්‍රියේ මාවනැල්ල - අලුත්නුවර මාර්ගයේ අලුපොත ප්‍රදේශයේදී සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.


පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයා විසින් තම මෝටර් රථය නිවස අසල නතර කර, එය පැදවීම පුහුණු කිරීම සඳහා 15 හැවිරිදි පිරිමි ළමයෙකුට රථයේ පාලනය ලබා දී ඇති බවයි.


එම අවස්ථාවේදී රථයේ හිමිකරු මාර්ගය හරහා යාම සඳහා මෝටර් රථය ඉදිරිපසින් ගමන් කරමින් සිට ඇති අතර, හදිසියේම නවතා තිබූ රථය ඉදිරියට ධාවනය වී ඔහුගේ සිරුරේ ගැටී තිබේ.


අනතුරින් බරපතළ තුවාල ලැබූ වයෝවෘද්ධ පුද්ගලයා වහාම මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.


මියගොස් ඇත්තේ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය වන අවස්ථාවේ රියදුරු අසුනේ සිටි 15 හැවිරිදි ළමයා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Post Top Ad

Pages