Breaking

Post Top Ad

Thursday, May 7, 2026

සිත් අමනාපයක් නිසා සෙනෙහෙබර මවක් සහ ගුරුවරියක් සදහටම අපෙන් උදුරා ගයි..

 

බණ්ඩාරගම, වීදියගොඩ ප්‍රදේශයම ශෝකයට පත් කළ 42 හැවිරිදි නදීෂානි තරංගිකා ගුරු මාතාවගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් තවත් සංවේදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.


පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇය කළුතර කැලිඩෝ වෙරළ තීරයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

පොලිස් තොරතුරු අනුව, මෙම සිදුවීම් මාලාව ආරම්භ වී ඇත්තේ පසුගිය 29 වැනිදාය. නදීෂානි සිය යෙහෙළියකගේ මංගල උත්සවයකට සහභාගී වීමට කැමැත්ත පළ කළද, ඇයගේ සැමියා වන නර්තන ගුරුවරයා රාජකාරි බහුලත්වය හේතුවෙන් ඊට නොගොස් තිබෙනවා. එම කාරණය මත දෙදෙනා අතර අමනාපකම් ඇති වී ඇති බව සඳහන්.


ඉන්පසු 30 වැනිදා සැමියා කොළඹ පැවති උත්සවයකට යාමට සූදානම් වූ අවස්ථාවේදී, නදීෂානි ඊට දැඩි විරෝධය පළ කරමින් නොයන ලෙස කිහිප වරක්ම ඉල්ලා තිබෙනවා.

එදින සැමියා නිවසේ නොසිටි මොහොතක නදීෂානි දැඩි ආවේගයකින් නිවසින් පිටව ගොස් ඇති අතර, ඇයගේ පුතු සහ මව “යන්න එපා” යැයි පවසමින් පසුපසින් දිව ගියද ඇයව නතර කරගැනීමට නොහැකි වී තිබෙනවා. පසුව ඇය ත්‍රිරෝද රථයකින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.


තම බිරිඳගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබීම හේතුවෙන් කලබලයට පත් වූ සැමියා නිවසට පැමිණි අවස්ථාවේදී ඇය නොසිටි බව දැනගෙන, එදින මධ්‍යම රාත්‍රී 12.40ට පමණ මොරගහහේන පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.


කෙසේ වෙතත්, පසුදින කළුතර දකුණ වෙරළ තීරයට ගොඩගසා තිබූ නාඳුනන කාන්තා මළසිරුරක් පිළිබඳව ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂණවලදී, එය නදීෂානිගේ සිරුර බව සැමියා සහ මව විසින් හඳුනාගෙන තිබෙනවා.


පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය විමර්ශනය වෙමින් පවතින මරණයක් ලෙස නම් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබෙනවා.


නදීෂානි තරංගිකාගේ අවසන් කටයුතු ඊයේ වීදියගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඇයගේ වියෝවෙන් තනිවූ දරුවෙකු, ශෝකයට පත් මවක් සහ වේදනාවෙන් පසුවන සැමියෙකු පමණක් ඉතිරි වී තිබෙනවා.

Post Top Ad

Pages