Breaking

Post Top Ad

Friday, May 8, 2026

රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන් ජීවන ගමනෙන් සමුගයි

 මොනරාගල රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහ බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 62 හැවිරිදි වියේ පසුවූ අතර, වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස දිවියෙන් සමුගෙන ඇත.


ශ්‍රී ලංකාවේ පැරණිතම ආදිවාසී ප්‍රජාවක් වන රතුගල වැදි ජනතාව, සිය පාරම්පරික සංස්කෘතිය සහ ජීවන රටාව අදටත් ආරක්ෂා කරගෙන යන පිරිසකි. දඩයම්, මී පැණි හා වනයේ ආහාර රැස් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වේ.


සුදා වන්නිල ඇත්තන් සහ අනෙකුත් නායකයින් රතුගල ආදිවාසී උරුමය අනාගත පරපුරට රැකදීමට විශාල දායකත්වයක් ලබාදී තිබේ. නවීකරණය සහ භූමි සීමාවන් මධ්‍යයේ වුවද, මෙම කුඩා ප්‍රජාව තම අනන්‍යතාවය රැක ගැනීමට තවදුරටත් උත්සාහ දරයි.

Post Top Ad

Pages