අලුත්ගම මොරගල්ල වෙරළ තීරයේ ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළට ගොඩ ගසා තිබූ කඳෙන් වෙන් වූ මිනිස් හිස කොටසක් අද (23) උදෑසන සොයාගෙන තිබේ.
අලුත්ගම පොලිසියට ලැබුණු දුරකථන ඇමතුමකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සොයාගැනීම සිදු වූ බව පොලිසිය සඳහන් කළේය.
මූලික විමර්ශනවලදී එය පිරිමි පුද්ගලයෙකුගේ හිස කොටසක් බවට අනාවරණය වී ඇති අතර, අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.