උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ දැවැන්ත ගෑස් පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් තවත් පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සඳහන් වේ.
වාර්තා අනුව, පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247 දෙනෙකු පමණ පතල තුළ සේවයේ නිරතව සිට ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් අදාළ සමාගමේ විධායක නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.
ෂැන්සි පළාත චීනයේ ගල්අඟුරු කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන අතර, එරට බලශක්ති අවශ්‍යතාවල විශාල කොටසක් තවමත් ගල්අඟුරු මත රඳා පවතී.
චීනය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වේගයෙන් ව්‍යාප්ත කරමින් සිටියද, ලොව වැඩිම ගල්අඟුරු පරිභෝජනය කරන රට ලෙසත් විශාලතම හරිතාගාර වායු විමෝචකයා ලෙසත් තවමත් පවතී.
ජාතික පතල් ආරක්ෂණ පරිපාලනයේ දත්ත අනුව, 2010 සිට 2025 දක්වා කාලය තුළ චීනයේ පතල් අනතුරු 3,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.
පසුගිය මාසයේදීද ෂැන්සි පළාතේ සින්ග්සියෑන් ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.