Breaking

Post Top Ad

Saturday, May 23, 2026

ඇත් දළ ජෝඩුවක් සමඟ තිදෙනකු අත්අඩංගුවට

  මැදවච්චිය වයි හන්දිය ප්‍රදේශයේදී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කිරීමට සුදානම් කර තිබූ ඇත්දළ ජෝඩුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.


ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, ඇත්දළ මිලදී ගන්නා පුද්ගලයින් ලෙස පෙනී සිටිමින් උපාය දූත මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී මැදවච්චිය වයි හන්දිය ප්‍රදේශයේ රැකවල් යොදා සිටියදී සැකකරුවන් ත්‍රීරෝද රථයකින් ඇත්දළ ජෝඩුව රැගෙන පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.


මෙහෙයුමේදී සැකකරුවන් පැමිණි ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම, පුදුකුඩිඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30, 40 සහ 43 ලෙස සඳහන් වේ.


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද උතුරු මැද පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages