දින තුනක් පුරා අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ සිරුර පුලිදිවාසල් ප්‍රදේශයේ ලුණු ලේවායක ජලයෙන් පිරී තිබූ ස්ථානයකින් සොයාගත් බව මදුරන්කුලිය පොලිසිය අද (07) දින ප්‍රකාශ කළේය.
මෙලෙස මියගොස් සිටින්නේ පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වර්ණකුලසුරීය නාමල් ප්‍රනාන්දු නම් දෙදරු පියෙකි.
ඔහු මසුන් අල්ලීම සඳහා දින තුනකට පෙර නිවසින් පිටව ගොස් ඇති අතර, පසුව නිවසට නොපැමිණීම හේතුවෙන් පවුලේ අය සහ ප්‍රදේශවාසීන් විසින් සොයා බැලීම් සිදු කළද ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැති බවද වාර්තා වේ.