Breaking

Post Top Ad

Monday, May 18, 2026

වික්ටෝරියා ජලාශයේ ගිලීමෙන් දෙදෙනෙකු මරුට තවත් අයෙකු අතුරුදන්

 

තෙල්දෙනිය බඹරගල විහාරස්ථානය ආසන්නයෙන් වික්ටෝරියා ජලාශයට බැස දිය නෑමට ගිය පුද්ගලයන් සිව්දෙනෙකුගෙන් දෙදෙනෙකු දියෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.


එහිදී තවත් එක් පුද්ගලයෙකු දියෙහි ගිලී අතුරුදන්ව ඇති අතර, අනෙක් පුද්ගලයා බේරාගැනීමට හැකි වී ඇති බව සඳහන්ය.


සිද්ධිය වාර්තා වීමත් සමඟ පොලිසිය, ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර, එහිදී පුද්ගලයන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ.


අතුරුදන්ව සිටින අනෙක් පුද්ගලයා සෙවීමේ කටයුතු මේ වනවිටත් සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages