Breaking

Post Top Ad

Sunday, May 10, 2026

බඳින කඳක් පත්තුවීමෙන් තිදරු පියා ජීවිතක්ෂයට

 

තිරප්පනේ උට්ටිමඩුව ප්‍රදේශයේදී වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බඳින කඳක් පත්තුවීමෙන් විශ්‍රාමික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.


මෙලෙස මියගොස් ඇත්තේ සිවලාකුලම කුට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි ජයවර්ධනගේ ලයනල් රත්නායක නම් 54 හැවිරිදි තිදරු පියෙකි.


අද අලුයම් කාලයේදී ඔහු උට්ටිමඩුව ප්‍රදේශයේ පිහිටි තම තල වගා බිම වෙත ගමන් කරමින් සිටියදී, මාර්ගය ආසන්නයේ කැලෑබද ප්‍රදේශයක වල් ගොනුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් අටවා තිබූ බඳින කඳකට ගොදුරු වී ඇති බව සඳහන්.


බඳින කඳ පත්තුවූ ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණෙන විටත්, ඔහුගේ පපුව හා ඉණ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව බිම වැටී සිට ඇති බව ප්‍රදේශීය වාර්තා සඳහන් කරනවා.


තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබෙනවා.


සිද්ධියට සම්බන්ධ බඳින කඳ අටවා තිබූ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Post Top Ad

Pages