Breaking

Post Top Ad

Sunday, May 3, 2026

බස් රථයක් ඉබේ ධාවනය වී ප්‍රපාතයකට පෙරළෙයි – ත්‍රිරෝද රථයකටද හානි

 

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ උඩඇල්ලේපොළ ප්‍රදේශයේදී අලුත්වැඩියා කටයුතු සඳහා මාර්ගය අසල නවතා තිබූ බස් රථයක් රියදුරෙකු නොමැතිව ඉබේ ධාවනය වී ප්‍රපාතයකට පෙරළී තිබේ.

මෙම අවස්ථාවේදී බස් රථය ත්‍රිරෝද රථයකද ගැටී ඇති අතර, එයද පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.


අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, අනතුර සිදුවන විට බස් රථයේ කිසිවෙකු නොසිටි බවද පොලිසිය සඳහන් කරයි.

මෙම සිදුවීමෙන් වෙනත් කිසිවෙකුට තුවාල හෝ හානි සිදුව නොමැති බවද වාර්තා වේ.

බස් රථය මෙලෙස රියදුරු රහිතව ඉබේ ධාවනය වූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් විය හැකි බවට සැක කෙරෙන අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී.

Post Top Ad

Pages