Breaking

Post Top Ad

Sunday, May 3, 2026

පුද්ගලයන් 11 දෙනෙකුට දිවි අහිමි කළ මාරක බස් රථ අනතුර

 මෙක්සිකෝවේ මගී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අනතුරින් තවත් පුද්ගලයන් 31 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 6 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. අනෙක් 5 දෙනා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.


ජාලිස්කෝ ප්‍රාන්තයෙන් ගමන් ආරම්භ කළ එම බස් රථය, නයාරිට් ප්‍රාන්තයේ පිහිටි උද්‍යානයක් වෙත යමින් සිටියදී අධිවේගී මාර්ගයෙන් ඉවතට පැන ඇමට්ලන් ඩි කැනාස් නගරය ආසන්නයේදී පෙරළී ගොස් ඇත.


අනතුරත් සමග අදාළ අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.


අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

Post Top Ad

Pages