Breaking

Post Top Ad

Thursday, June 4, 2026

ත්‍රිරෝද රථයට ගසක් වැටී සිසුවෙක් ඇතුළු තුනක් මරුට

 නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ යූකැලිප්ටස් ගසක් කඩා වැටීමෙන් පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (04) පෙරවරු 6.45ට පමණ සිදු වූ මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු දිවි ගලවාගෙන ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කළා.

ගසට යටවී මියගිය තිදෙනාගේ සිරුරු නාවලපිටිය පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගස කපා ඉවත් කිරීමෙන් අනතුරුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ දිගු කාලයක සිට දිරාපත්ව තිබූ එම ගස ඉවත් කරන ලෙස අදාළ ආයතන දැනුවත් කළද, ඒ සඳහා මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Post Top Ad

Pages