Breaking

Post Top Ad

Thursday, June 4, 2026

රාජාංගනයේ අනතුරකින් මවක් සහ දියණියක් මරුට

 පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 27 කනුව ප්‍රදේශයේදී ඉකුත් 1 වැනිදා සිදු වූ මාරක රිය අනතුරකින් තුවාල ලැබූ මවක සහ ඇගේ තරුණ දියණිය අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව රාජාංගනය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ දෙදරු මවක් වන 52 හැවිරිදි සමුද්‍රා අලුවිහාරේ නම් රාජ්‍ය නොවන සංවිධානයක පරිපාලන නිලධාරිනියක් සහ ඇගේ වැඩිමල් දියණිය වන 32 හැවිරිදි එක්දරු මවක් වන සජීනී මහේෂිකා යන අය බව පොලිසිය සඳහන් කරයි.


පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 27 කනුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් හා මව සහ දියණිය ගමන් කරමින් සිටි යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් පසු තුවාල ලැබූ මව සහ දියණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, දියණිය පසුගිය 2 වැනිදා මියගොස් තිබේ. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මව අද අලුයම මියගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Top Ad

Pages