Breaking

Post Top Ad

Saturday, June 13, 2026

මව තමන්ගේම දියණිය හපා කාලා කාලයක් තිස්සේ පහර දීල


වයස අවුරුදු 14ක් වූ දැරියක් දිගු කාලයක් පුරා කෘර ලෙස සැලකීම සහ ශාරීරික හිංසාවට ලක් කිරීමේ චෝදනා මත ඇයගේ මව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.


අදාළ දැරිය හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඇයගේ සිරුරේ තුවාල කිහිපයක් නිරීක්ෂණය කර ඇති අතර, එමගින් සිද්ධිය අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


දැනට ප්‍රතිකාර ලබමින් සිටින දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් සකස් කිරීමටද කටයුතු කර ඇත.


රෝහල් බලධාරීන් පවසන්නේ, දැරියගේ සිරුරේ පැවති තුවාල සහ ඇය ලබාදුන් ප්‍රකාශ සැලකිල්ලට ගෙන අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවයි.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මව විසින් කාලයක සිට දැරියට නිරන්තරයෙන් පහරදී ඇති අතර, සපා කෑම් ඇතුළු කෘර ක්‍රියා සිදුකරමින් දැඩි ලෙස හිංසා කර ඇති බවය.


එම ක්‍රියා හේතුවෙන් දැරිය බරපතළ මානසික පීඩාවකට හා ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Post Top Ad

Pages