පේදුරුතුඩුව පොලිස් වසමේ පුලෝලි දකුණ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි හය හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුර ඔහුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳකින් සොයාගෙන තිබේ.
ඊයේ (12) රාත්‍රියේ දරුවා අතුරුදන්ව ඇති බවට ලැබුණු තොරතුරක් මත පේදුරුතුඩුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
පොලිසිය සිදුකළ සෝදිසි මෙහෙයුම් සහ විමර්ශනවලදී දරුවාගේ සිරුර නිවස ආසන්නයේ තිබූ ළිඳකින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 6ක් වන පිරිමි දරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.