කුරුණෑගල - පුත්තලම ප්‍රධාන මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේ ඊයේ (12) සිදුවූ දරුණු බස් රථ අනතුරකින් 40 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයා සිය පස් හැවිරිදි දරුවාද සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවා කඩිනමින් නිකවැරටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී පියා මියගොස් තිබේ.
තුවාල ලැබූ දරුවාගේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාරියපොල පොලිසිය විසින් සිදු කරනු ලබයි.