Breaking

Post Top Ad

Saturday, June 13, 2026

එක් දරු පියා මැරුවාට දෙදෙනෙකුට මරණ දඬුවම

 වසර 24කට පෙර බුලත්සිංහල ප්‍රදේශයේ එක්දරු පියෙකු කඩුපොලු ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව චූදිතයන් දෙදෙනෙකු වරදකරුවන් බවට තීන්දු කළ කළුතර මහාධිකරණය ඔවුන්ට මරණ දඬුවම නියම කර තිබේ.


කළුතර මහාධිකරණ විනිසුරු තාමර ජයනාත් තෙන්නකෝන් මහතා විසින් අද (08) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.


මෙලෙස මරණ දඬුවම නියම කෙරුණේ බුලත්සිංහල, යටගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ධම්මික ප්‍රියදර්ශන සහ ප්‍රදීප් පුෂ්පකුමාර යන දෙදෙනාටය.


නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා අනුව, 2002 වසරේ මැයි 29 දින හෝ ඊට ආසන්න දිනකදී පෞද්ගලික ආරවුලක් මුල්කරගෙන යටගම්පිටිය ප්‍රදේශයේදී 20 හැවිරිදි එක්දරු පියෙකු වූ පී. ඩී. සරත් නමැත්තාගේ හිසට කඩුපොලුවලින් පහරදී ඝාතනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.


දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව චූදිතයන් දෙදෙනා වරදකරුවන් බවට අධිකරණය තීරණය කරමින් මෙම දඬුවම නියම කළේය.

Post Top Ad

Pages