Breaking

Post Top Ad

Saturday, June 13, 2026

පෙර පාසල් පුංචි මල් කැකුළට හදිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක ව්‍යාපාරිකයකු, වයස අවුරුදු 5ක කුඩා දැරියකට ලිංගික අතවරයක් සිදු කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ කරුකුවටව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


පොලිස් විමර්ශන අනුව, අදාළ දැරිය බිස්කට් මිලදී ගැනීම සඳහා සැකකරු පවත්වාගෙන යන වෙළෙඳසැලට ගොස් ඇති අතර, එහිදී ඇය වෙළෙඳසැල තුළට රැගෙන ගොස් මෙම අතවරය සිදු කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Post Top Ad

Pages