Breaking

Post Top Ad

Tuesday, June 9, 2026

පවුල් ආරවුලක් නිසා බිරිය සැමියාව මරාදාලා

 

හොරණ, බැල්ලපිටිය, මාහේන අරඹකන්ද ප්‍රදේශයේ නිවසක අද (07) අලුයම සිදුවූ බිහිසුණු පවුල් ආරවුලක් අවසන් වී ඇත්තේ සැමියාගේ මරණයෙන් බව පොලීසිය පවසයි.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරඹකන්ද ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.


පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක පළ වන අතර, ඔහු නිතර අධික ලෙස මත්පැන් පානය කරමින් බිරිඳ හා දරුවන්ට හිරිහැර කරමින් නිවස තුළ ආරවුල් ඇතිකරගෙන ඇති බවයි.


ඊයේ (06) රාත්‍රියේ සිට මෙම යුවළ අතර දැඩි බහින්බස් වීමක් පැවති අතර, එය අලුයම දක්වාම දුරදිග ගොස් ඇති බව සඳහන් වේ. එහිදී කෝපයට පත් සැමියා තියුණු ආයුධයකින් බිරිඳට පහර දීමට උත්සාහ කර ඇති අතර, බිරිඳ එම ආයුධය උදුරාගෙන ප්‍රතිප්‍රහාරයක් එල්ල කර තිබේ.


එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ සැමියා සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පවසයි.


මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධි ස්ථානයේ රඳවා ඇති අතර, සැකකාර බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හොරණ පොලීසිය විසින් සිදුකරමින් පවතී.

Post Top Ad

Pages