මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, එක් නිලධාරියෙකු ඊයේ (13) දිනයේදීත්, අනෙක් නිලධාරියා අද (14) අලුයමත් මියගිය බවයි. මියගිය නිලධාරීන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 39ක් වන බව ද වාර්තා වේ.
මෙම මරණ දෙකත් සමඟ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.
පොලීසියට අනුව, ජූලි 5 සහ 6 යන දෙදින තුළ සිදුවූ මෙම ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව මේ වන විට 31 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු කොළඹ ජාතික රෝහල සහ මීගමුව රෝහල තුළ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.