අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැඹෑව, සංගිලිකනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ වැඩිම වයසක් ජීවත් වූ කාන්තාවන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙන පුංචාගේ කලුමැණිකා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
අභාවයට පත්වන අවස්ථාවේදී ඇය වයස අවුරුදු 114ක් සම්පූර්ණ කර සිටි අතර, මෙරට දීර්ඝතම ආයු කාලයක් ගත කළ කාන්තාවක ලෙස ඇය විශේෂ අවධානයට ලක්ව තිබුණි.
1912 ජූලි මස 4 වන දින උපත ලැබූ කලුමැණිකා මහත්මිය, මෑතකදී සිදුවූ ඇද වැටීමක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වී තිබූ අතර, ඉන් අනතුරුව මාස දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.
ඇය දරුවන් 12 දෙනෙකුගේ ආදරණීය මවක් වූ අතර, සිය ජීවිත කාලය තුළ පස්වන පරම්පරාව දක්වා සිය පවුලේ සාමාජිකයන් දැකීමේ දුර්ලභ භාග්‍යයද හිමිකරගෙන තිබුණි. අභාවයට පත්වන විට මුණුබුරු, මිණිබිරියන්, මී මුණුබුරු සහ මී මිණිබිරියන් ඇතුළු 325කට අධික විශාල පවුල් පරම්පරාවක් ඇය පිටුපසින් ඉතිරි කර ගොස් ඇත.