Breaking

Post Top Ad

Saturday, July 25, 2026

කජුවත්ත ප්‍රදේශයේ ගල්වලක තිබී දැරියකගේ මළ සිරුරක් හමුවෙයි

 

රත්නපුර, බලංගොඩ මහවලතැන්න කජුවත්ත ප්‍රදේශයේ පිහිටි ගල්වලක තිබී 17 හැවිරිදි දැරියකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.


මියගොස් ඇත්තේ බලංගොඩ, මහවලතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි දැරියකි.


පොලීසිය සඳහන් කළේ, අදාළ දැරිය පසුගිය 23 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිට ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඇයගේ පියා විසින් බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බවත්ය.


කෙසේ වෙතත්, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් දියේ ගිලී මිය යාමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.


මරණයට හේතුව නිශ්චය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) බලංගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බලංගොඩ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Post Top Ad

Pages