කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ගුවන් හමුදාපති කාලෝස් ප්‍රනාන්දු සිල්වා සඳහන් කර ඇත්තේ, අනතුරට ලක් වූ යානය තුළ යුද හමුදා සෙබලුන් 114 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිටි බවයි.
තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
අමෙරිකාවේ නිෂ්පාදිත C-130 හර්කියුලිස් වර්ගයේ මෙම ගුවන් යානය, සෙබලුන් ප්‍රවාහනය සඳහා භාවිත කරනු ලබන අතර, එය පුටුමායෝ පළාතේ පුවර්ටෝ ලෙගුයිසාමෝ නගරය ආසන්නයේදී කඩා වැටී ඇති බව සඳහන් වේ.