Breaking

Post Top Ad

Tuesday, March 31, 2026

පාළු ළිදේ සිද්ධියට ඖෂධහල් හිමිකරුවෙක් අත්අඩංගුවට

 මඩකලපුව ප්‍රදේශයේ පාලු ළිඳකින් කාන්තාවකගේ මළ සිරුරක් හමුවීමත්, එම ස්ථානයේ සිටි තවත් කාන්තාවකගේ ජීවිතය බේරා ගැනීමත් සම්බන්ධ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම ඝාතනයට ආධාර සහ අනුබල ලබාදුන් බවට සැක කරමින් නැගෙනහිර පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු 49ක් වන වත්තල ප්‍රදේශයේ ඖෂධහල් හිමිකරුවෙකි. ඔහු පසුව කොක්කොඩිචෝල පොලිස් ස්ථානයට භාර දී ඇත.


සැකකරු ඊයේ (30) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී දින තුනක රැඳවුම් නියෝගයක් ලබා දී තිබේ. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොක්කඩිචෝල පොලීසිය විසින් සිදු කරමින් පවතී.

Post Top Ad

Pages