Breaking

Post Top Ad

Wednesday, March 25, 2026

ස්වාමිපුරුෂයාගෙන් අධිකරණයට පැමිණි බිරිඳට මාරක ප්‍රහාරයක්

 

ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට සහභාගී වීමට පැමිණි කාන්තාවක්, ඇයගේ ස්වාමිපුරුෂයා විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.


මෙම සිද්ධිය ගල්ගමුව ප්‍රාදේශීය සභා රථගාල තුළදී සිදුව ඇති බව පොලිසිය පැවසීය. මියගොස් ඇත්තේ මොරගොල්ලගම ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවකි.


පවුල් ආරවුලක් හේතුවෙන් කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා කලක සිට වෙන්ව ජීවත් වී ඇති අතර, අද (24) දින අධිකරණයේ විභාග වන නඩුවකට සම්බන්ධව සාක්ෂි ලබාදීම සඳහා දෙදෙනාම අධිකරණයට පැමිණ සිට ඇත.


එහිදී ඔවුන් අතර ඇති වූ වාදයක් තීව්‍ර වීමෙන්, ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


බරපතල තුවාල ලැබූ කාන්තාව වහාම ගල්ගමුව රෝහලට ඇතුළත් කළද, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.


සිද්ධියට සම්බන්ධ සැකකරු වන ස්වාමිපුරුෂයා ගල්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Post Top Ad

Pages