එම සිරුරු, අදාල නිවස අසල පිහිටි ඇළක් තුළ තිබියදී හමුවී තිබේ.
මෙම යුවළ වැල්ලම්පිටිය කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි බව වාර්තා වෙයි. ඔවුන් අතුරුදන්වීම පිළිබඳව පවුලේ ඥාතීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව, ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, ආරවුලක් හේතුවෙන් අසල්වැසි යුවළක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කෙරෙන බවයි.
මෙම සිද්ධියට සම්බන්ධව, අසල්වැසි යුවළ ඇතුළු තිදෙනෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.