Breaking

Post Top Ad

Sunday, March 29, 2026

සීඝ්‍රගාමී දුම්රියේ ගැටුණු අලියා ඇවිදින්න බැරි අමාරුවක

 

පොළොන්නරුව–මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේ අද අලුයම සිදුවූ දුම්රිය අනතුරකින් වන අලියෙකු බරපතල ලෙස ආබාධයට ලක්ව ඇත. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියක් සමඟ ගැටීමෙන් අලියාගේ කකුල් තුවාල වී ඇති අතර, එය මේ වනවිට මැණික්වෙල ගම්මානය අවට සැරිසරමින් සිටින බව වැලිකන්ද වනජීවි නිලධාරීන් සඳහන් කරති.

අද (29) අලුයම 2.30ට පමණ සිදුවූ මෙම අනතුරට ලක්ව ඇති අලියා අවුරුදු 30කට ආසන්න වයසක, අඩි 8ක් පමණ උස පිරිමි සතෙකු බව වැලිකන්ද අඩවි වන නිලධාරී සී.ඒ. වනසිංහ මහතා ප්‍රකාශ කළේය.


අනතුරෙන් අලියාගේ පිටුපස පාද දෙකම දැඩි ලෙස හානි වී ඇති බවත්, එය අසාධ්‍ය තත්ත්වයෙන් මාර්ගයේ සහ ගම්මානයේ අතුරු මාර්ගවල ගමන් කරන බවත් ප්‍රදේශවාසීන් පැවසීය.

අලියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු වනජීවි කණ්ඩායමක් ස්ථානයට පිටත් වී ඇති බවද වාර්තා වේ.

Post Top Ad

Pages