ඇෆ්ගනිස්තානයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයක් ගත් මෙම භූකම්පනයෙන් තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා තිබේ. කාබුල් අගනුවර පිහිටි නිවසක් කඩා වැටීමත් සමඟ එම මරණ සිදුව ඇති අතර, එක් දරුවෙකු ද තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කරයි.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය අනුව, මෙම භූකම්පනය ඊයේ හින්දු කුෂ් කලාපයේ හටගෙන ඇති අතර එහි ගැඹුර කිලෝමීටර් 177ක් ලෙස සඳහන් වේ.
මෙම කම්පනයන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට අමතරව, පාකිස්තානයේ ඉස්ලාමාබාද් සහ ඉන්දියාවේ නවදිල්ලි දක්වා ද දැනී ඇති බව වාර්තා වේ.
ඇෆ්ගනිස්තානය පිහිටි කලාපය භූකම්පන බහුලව සිදුවන ප්‍රදේශයක් වන අතර, සෑම වසරකම පාහේ මෙවැනි අනතුරු හේතුවෙන් ජීවිත හානි වාර්තා වේ.