Breaking

Post Top Ad

Saturday, April 4, 2026

ගාල්ල තෙලිකඩ ද්විත්ව ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට

 ගාල්ල තෙලිකඩ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පොලීසිය පවසන්නේ, පවුල් ආරවුලක් පදනම් කරගෙන මෙම ඝාතන සිදු කර ඇති බවයි.


අද (03) උදෑසන ලැබුණු තොරතුරක් අනුව සිදු කළ විමර්ශනයකදී, නිවසක ආලින්දයේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 74 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් සොයාගෙන තිබේ. එමෙන්ම, නිවස පිටුපස පිහිටි තාවකාලික මඩුවක ඇඳක් මත කැපුම් තුවාල සහිතව මියගොස් සිටි 34 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක්ද සොයාගෙන ඇත.


එම ස්ථානය අසල කැපුම් තුවාල සහිතව බරපතල තත්වයේ සිටි කාන්තාවක් කාරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.


පොලීසිය සඳහන් කළේ, මියගොස් ඇත්තේ නිවසේ පදිංචි මව සහ ඇගේ දියණියගේ බෑනා බවයි. තුවාල ලැබූ කාන්තාව වන්නේ එම මියගිය කාන්තාවගේ දියණියයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ සිටි 17 හැවිරිදි පිරිමි දරුවෙකු විසින්ද පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු, තුවාල ලැබූ කාන්තාවගේ දියණියගේ බෑනා වන අතර, ඔහු යුධ හමුදාවේ හිටපු සෙබළෙකු ලෙස හඳුනාගෙන ඇත.


35 හැවිරිදි මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කරයි.

Post Top Ad

Pages