කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පොලීසිය සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වූ බැකෝ යන්ත්‍රයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 19ක් වූ තරුණයින් දෙදෙනෙකු බව සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර, කන්තලේ ප්‍රදේශයේ ඇළ මාර්ගයක දිය නාමින් සිටි ළමයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරාතුවේලි ප්‍රදේශයේ පදිංචි ළමයෙකු වන අතර, ඔහු තවත් මිතුරන් තිදෙනෙකු සමඟ දිය නාමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද කන්තලේ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.