Breaking

Post Top Ad

Saturday, April 4, 2026

මිහිදන් කර තිබූ මෘතදේහයක හිස කොටස අතුරුදන්

 

වවුනියාව මාරම්බයිකුලම් ප්‍රදේශයේ සුසාන භූමියක මිහිදන් කර තිබූ මළසිරුරක හිස කොටස අභිරහස් ලෙස අතුරුදන්ව ඇති බව වාර්තා වේ.


තොරතුරු අනුව, කිසියම් පුද්ගලයන් කණ්ඩායමක් විසින් මළසිරුර මිහිදන් කළ ස්ථානය නැවත හාරා, එහි තිබූ හිස කොටස පමණක් රැගෙන ගොස් ඇති බවට සැක පළ වේ.


සුසාන භූමිය අවට ප්‍රදේශයට පැතිර ගිය දැඩි දුර්ගන්ධයක් හේතුවෙන් සිදු කළ සොයා බැලීමකදී, මළසිරුර ගොඩගෙන ඇති බව අනාවරණය වී ඇත.


මෙලෙස අතුරුදන්ව ඇත්තේ මාස තුනකට පමණ පෙර මියගිය මාරම්බයිකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ මළසිරුරක කොටසක් බවද සඳහන් වේ.


සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් වවුනියාව පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, වවුනියාව අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

Post Top Ad

Pages