2026 අප්‍රේල් 03 වන දින රාත්‍රීයේ, පල්ලෙවෙල පොලිස් වසමට අයත් බාඳුරාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බව වාර්තා වේ.
මරණයට පත් වූයේ වයස අවුරුදු 60ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලෙවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.