කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී පාසල් සිසුවෙකු ගිලි අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
අතුරුදන් වූ සිසුවා නෝර්වුඩ් අයර්බි දෙමළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි එස්. වාගීෂන් ලෙස හඳුනාගෙන තිබේ.
අද (04) පස්වරුවේ ඔහු මිතුරන් කිහිප දෙනෙකු සමඟ නෝර්වුඩ් ප්‍රදේශයේ කෙසෙල්ගමු ඔයේ “සිල්වර් වල” ලෙස හඳුන්වන ස්ථානයේ දිය නාමින් සිටියදී ගිලී අතුරුදන් වී ඇත.
මිතුරන් විසින් ඔහු බේරා ගැනීමට උත්සාහ කළද, සිද්ධිය සිදු වූ ස්ථානය අධික ගැඹුරු වීම හේතුවෙන් එම උත්සාහය සාර්ථක වී නොමැත.
පසුව මෙම සිද්ධිය පිළිබඳව නෝර්වුඩ් පොලීසියට දැනුම් දී ඇති අතර, අතුරුදන් වූ සිසුවා සොයා ගන්නා මෙහෙයුම් දැනට ක්‍රියාත්මක කර ඇත.